Saturday, May 18, 2024

General line - 0115112241

යුරෝ 50,000ක් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ




උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50000 ක් වටිනා මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු බොරලැස්ගමුව, පැපිලියාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කර සිටිනවා.

මෙලෙස සොයා ගනු ලැබූ යුරෝ මුදල් තොගයේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් මිලියන 18 කට අධික බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කර සිටියේ.

විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශ -3 හි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.

මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරු පුංචි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයෙකකු වන අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කිරුළපන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත බාරදී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බලකායේ අණ දෙන නිලධාරීන් නීතිඥ වරුණ ජයසුන්දර ගේ නියෝග උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර ගේ අධීක්ෂණයෙන් පොලිස් පරීක්ෂක ඒ එන් ටි කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත,