Saturday, May 18, 2024

General line - 0115112241

රනිල් මෛත්‍රී සාකච්ඡාවක් හෙට




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් නායකයින් දෙපල එම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ. 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු කිහිපදෙනෙකු අද අග්‍රාමාත්‍යවරයා හමුවේ සාකච්ඡා පැවැත්වූවා. ඒ, ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමර්ග සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සහය දෙන ආකාරය අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවෙන් පසුව තීරණය කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

මේ අතර ස්වාධීන පක්ෂ දහයේ නියෝජිතයින්ද අද අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡා පැවැත්වූවා. ඒ, අග්‍රාමාත්‍ය ලෙක්ම් කාර්යාලයේදියි. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරද මාධ්‍ය වෙත අදහස් පල කළා.