Sunday, May 19, 2024

General line - 0115112241

ලංකාවට පැමිණෙන්න සිටි විදෙස් සංචාරකයින් ගත් තීරණය මෙන්න




මෙරටට පැමිණීම සඳහා විදේශිකයින් එළඹෙන අගෝස්තු මාසය සදඟා සිදුකර තිබූ පෙර වෙන්කර ගැනීම් විශාල ප්‍රමාණයක් මේවනවිට අවලංගු කර තිබෙනවා. 

ඊට හේතුවී ඇත්තේ මේ වන විට රට තුළ උද්ගතවී ඇති අර්බුදයයි. සියටට 35 කට 40 කට ආසන්න විදේශිකයින් පිරිසක් පෙර වෙන්කර ගැනීම් අවලංගු කර ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ.

සාමාන්‍යයෙන් අගෝස්තු මාසය පමණ වන විට සංචාරකයින්ගේ දෛනික පැමිණීම 6,000 ක්. එහෙත් ඉකුත් මාර්තු මාසයේ පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය හා සැලකිල්ලට ගැනීමේදී එම ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවට තමන් බලාපොරොත්තු වූ බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පැවසුවේ. 

එහෙත් රට තුළ පවතින විදුලිය, ඉන්ධන සහ ගෑස් අර්බුද හමුවේ සංචාරකයින්ගේ පැමිණීම නොසිතූ ලෙස පහළ ගිය බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සමඟ සුහදව සිටීමට ජනතාව කටයුතු කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.