Sunday, May 19, 2024

General line - 0115112241

අරගල භූමියේදී පහරකෑමට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා අද විරෝධතාවක්




ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී සිටි පිරිස් වෙත පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම මන්දගාමී බවට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය චෝදනා කරනවා. 

ඒ සම්බන්ධයෙන් විරෝධය පා අද දිනයේදී වර්ජනයකින් තොරව විරෝධතාවක් කැඳවා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි එම මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ.  

මේ, අද පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ්.