Sunday, May 19, 2024

General line - 0115112241

ගෑස් පෝළිම්වල රැඳී නොසිටින්නැයි ඉල්ලීමක්




ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා අද දිනයේ පෝළිම්වල නොසිටින්නැයි ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙනවා. 

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගෑස් රැගෙන පැමිණි නෞකාවෙන් ඊයේ පස්වරුවේ එම ගෑස් තොග ගොඩබෑමට නොහැකි වූ බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. එබැවින් අද දිනයේදී ගෑස් තොග බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වනු ඇති බව ද එම සමාගම සඳහන් කළා.