Friday, May 3, 2024

General line - 0115112241

නව මුදල් ඇමති ලෙස අගමැති දිවුරුම් දෙයි




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදු කෙරුණා.

මේ අතර සති 06 ක් තුළ සිය රජය අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. එම අන්තර්කාලීන අයවැයෙන් යටිතල සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුදල් වසර 02 ක සහන වැඩසටහනක් සඳහා යොමු කිරීමට තමන් අදහස් කරන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පවසා ඇත්තේ.