Friday, May 3, 2024

General line - 0115112241

නාමල් රාජපක්ෂට එරෙහි පැමිණිල්ලක් කැඳවීමට අධිකරණය දින නියම කරයි




රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යැයි සඳහන් කරමින් රිෂ් නමැති සමාගමකින් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාධී පරිහරණය කළේ යැයි සැකකෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත්කර තිබු පැමිණිල්ලක් සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

ඒ එම පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අධිකරණය හමුවේ අද පෙනී සිටි බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. 

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි. අනතුරුව පැමිණිල්ල සැප්තැම්බර් මස 21 වනදා කැඳවීමටයි අධිකරණය නියම කළේ.