Friday, May 3, 2024

General line - 0115112241

යල කන්නයේ වී වගාවට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක්




දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ගොවීන්ට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම සඳහා පිරවුම්හල් 217 ක් තෝරාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එලෙස තෝරා ගැනුණු ඉන්ධන පිරවුම්හල් වල තොරතුරු ඇතුළත් ලේඛණයක් මේවනවිටත් අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාරදී ඇති බවයි එම අමාත්‍යංශය පැවසුවේ. 

වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය ඉන්ධන එම පිරවුම්හල් මගින් අඛණ්ඩව නිකුත් කිරීමට ද තීරණය කර තිබෙනවා. 

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව නිකුත් කරන ලෙස මේවනවිටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.