මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කුමාර් සංගක්කාර් ප්‍රධාන පුහුණුකාරීත්වය දරණ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුළු 07කින් පරාජයට පත් කරමින්.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 157ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක දී කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 161ක් රැස් කරමින් තරගයේ ජය හිමිකරගත්තා. රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ වසර 14කට පසුවයි. ඒ අනුව අවසන් මහ තරගය රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර හෙට පැවැත්වෙනවා.