Friday, May 3, 2024

General line - 0115112241

සපුගස්කන්ද පිරිපහදුවේ තාක්ෂණික දෝෂයක්




සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සුළු තාක්ෂණික දෝෂයක් හටගෙන තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසුවේ පසුගිය මාස තුනක කාලය තුළ ක්‍රියාත්මක නොවූ පිරිපහදුව අද නැවත ආරම්භ කළ පසු එම ගැටළුව මතුව ඇති බවයි.

කෙසේවෙතත් අදාළ ගැටලුව විසඳීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තාක්ෂණික කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා නිකුත් කළ විට පණිවිඩයක දැක්වෙනවා.