Friday, May 3, 2024

General line - 0115112241

"රැට්ටා" පොලිස් අත්අඩංගුවට




මෙරට ජනප්‍රිය යුටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් "රැට්ටා" අද (30) පස්වරුවේ  කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන "ගෝඨා ගෝ ගම" අරගලයේ සමාජ ක්‍රියාකරුවෙකු ලෙස ද රතිඳු සේනාරත්න කටයුතු කරනු ලබනවා.

මැයි 25 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අධිකරණ කටයුතුවලට බාධා කිරීම, අධිකරණය පැමිණෙන පුද්ගලයින්ට, පොලිස් නිලධාරීන්ගේ කටයුතුවලට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාව දැක්වෙන වීඩියෝවක් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහන්ව ඇත.