Saturday, May 11, 2024

General line - 0115112241

මැයි 09 සිද්ධියට හිටපු අගමැතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට




පසුගිය මැයි 09වන දින ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවති ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී ක්‍රියා සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ තංගල්ල, ඇන්නපිටිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කිරීමට ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.