Monday, May 13, 2024

General line - 0115112241

පානදුර උතුර පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාව රිමාන්ඩ්




පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදුණු කාන්තාවක් මෙම මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධානාගරගත කර තිබෙනවා. ඒ, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. 

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මතද්‍රව්‍ය චෝදනා ඇතුලු විවිධ චෝදනා එල්ලවී සිටින “රත්තා” නමැත්තාගේ බිරිඳ වන සුරේකා නමැති කාන්තාවක්. පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුව සාධාරණය ඉටු නොවූ බව පවසමින් අදාළ කාන්තාව පොලීසියට බැන වැදුණු ආකාරය දැක්වෙන හඬ පටයක් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සේවයට අභියෝග කළ අදාළ කාන්තාව සම්බන්ධයෙන් නිසි පියවරක් ගන්නා ලෙසයි පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.