Monday, May 13, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදය විසඳා ගන්න ජාත්‍යන්තරයේ සහය පැතීමට සිදුවන බව ආර්ථික විශේෂඥයින් කියයි




පවතින ආර්ථික අර්බුදය දේශීය වශයෙන් පමණක් විසදාගත නොහැකි බැවින් ජාත්‍යන්තරයෙන් ආධාර ඉල්ලා සිටීමට සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා.

ශ්‍රී ලංකාවට මානූෂීය ආධාර ලබා දීම සඳහා සහය වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මුළු ලෝකයටම විවෘත ආයාචනයක් කිරීමට සූදානම් වන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය ප්‍රියංග දුනුසිංහමේ බව කියා සිටියා. 

කෙසේවෙතත් ලෝක ආර්ථිකය අර්බුදයක පවතින බැවින් ඒ සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු තැබිය නොහැකි බව ද ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මෙහිදි පෙන්වා දුන්නා.