Monday, May 6, 2024

General line - 0115112241

ආහාර අර්බුදයට විසඳුම් සොයන ගමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා යුතුයි - මන්ත්‍රී දයාසිරි ජයසේකර




ආහාර අර්බුදයට විසදුම් සෙවීම මෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. 

පක්‍ෂ මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළ අතර එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදුන්නා.