Monday, May 13, 2024

General line - 0115112241

ප්‍රවීන ඡායාරූප ශිල්පී සේන විදානගම අභාවප්‍රාප්ත වෙයි




ප්‍රවීන ප්‍රවෘත්ති පත්‍ර ඡායාරූප ශිල්පී සේන විදානගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ලේක් හවුස් ආයතනයේ සහ ප්‍රංශ පුවත් සේවයේ දශක ගනනාවක් ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කල ඔහු අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසුවුණා. 

1970 වසරේදී ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූ සේන විදානගම මහතා 1979 දී එහි ඡායාරූප අංශයට එක්වුණා. 1987 ජූලි 30 වනදා ඔහු විසින් ගන්නා ලද ලොව සුවිශේෂිම ඡායාරූප අතරට එකතුවුන ඡායාරූපයක් වන්නේ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි වෙනුවෙන් පැවැත්වුනු උත්තමාචාර පෙළපාලියේදී මෙරට නාවික සෙබලෙකු විසින් රජීව් ගාන්ධිට පහරදීමට උත්සහ කිරීමයි. 

ඒ වන විට ලේක් හවුස් ආයතනයේ ඩේලි නිව්ස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කල ඔහුව මෙම ඡායාරූපයෙන් පසු ප්‍රංශ පුවත් සේවය ඔවුන්ගේ මෙරට ඡායාරූප ශිල්පියා ලෙස තෝරාගනු ලැබුවා. 

සේන විදානගම මහතාගේ දේහය මේවනවිට අංක 57/21 නිදහස් මාවත, හෙට්ටියාවත්ත, ඇලපිටිවල, රාගම යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු වැලිසර පොදු සුසාන භූමියේදී හෙට පස්වරු 6 ට සිදු කිරීමට නියමිතයි.