Sunday, May 12, 2024

General line - 0115112241

මාස 06 ක් තුළ 5800 දෙනෙකුට දකුණු කොරියාවේ රැකියා අවස්ථා




දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් පසුවන 5800 කට ආසන්න පිරිසක් ඉදිරි මාස 06 තුලදී රැකියා සඳහා එරටට පිටත් කරන බව    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. 

විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ලබාදුන් උපදෙස් අනුව එම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. 

එහි පළමු කණ්ඩායම ලෙස 119 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව ගිය බව ද එම කාර්යංශය සඳහන් කළා. එමෙන්ම විදේශගත ශ්‍රමිකයින්ට ගුවන් තොටුපළේදී වැඩි පිළිගැනීමක් ලබාදෙන ක්‍රමවේදයක් ද ඉදිරියේදී සකස් කරන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ.