Monday, May 13, 2024

General line - 0115112241

මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 08 ක ජල කප්පාදුවක්




මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. 

ඒ, හෙට පෙරවරු 10 සිට පස්වරු 6 දක්වායි. කොණ්ඩදෙණිය, කුළුගම්මන, නුගවෙල, කහවත්ත, රජපිහිල්ල සේවා ජලාශය, මැදවල පැරණි සේවා ජලාශය, මැදවල නව සේවා ජලාශය සහ ගලගෙදර යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. 

මහනුවර දිස්ත්‍රික්කයට අයත් යටිවාවල බුස්ටර් පොම්පාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටවනු ලබනවා.