Saturday, May 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකන් තත්ත්වය දරුණුයි - කෝප් වාර්තාවෙන් අනාවරණයක්




ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස රටේ ජාතික ආර්ථිකයට කරන බලපෑම සම්බන්ධව මැදිහත් වන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තුවෙන් අද ඉල්ලීමක් කළා. ඒ, 9 වන පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව අද ඉදිරිපත් කරමින්.

මේ පසුව අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ සභානායක දිනේෂ් ගුණවර්ධන.

මේ අතර කතානායකවරයා මුලසුන නොදරන කෝප් සහ කෝපා වැනි කමිටුවල සභාපති ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා. මේ, ලක්ෂ්මන් කිරිඇල්ල, චමින්ද විජේසිරි, ජයන්ත සමරවීර සහ මහාචාර්ය චරිත හේරත් යන මන්ත්‍රීවරුන්.

මේ අතර නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයෙන් අද උදෑසන අනාවරණ කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ එහි ආයෝජනය කිරීමට ඉන්දීය පෞද්ගලික සමාගමක් මේ වන විටත් කැමැත්ත පළ කර ඇති බවයි.