Saturday, May 18, 2024

General line - 0115112241

සිසු සැරිය බස් රථ සේවා වැඩි කිරීමට තීරණයක්




පාසැල් වෑන් රථ ගාස්තු ඉහළ යාම සලකා සිසු සැරිය බස් රථ සේවා තවදුරටත් වැඩි කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යංශයේ ඊයේ පස්වරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

මේ අතර ලංගම සහ පෞද්ගලික බස් රථ සඳහා දැනට ක්‍රියාත්මක ඒකාබද්ධ කාලසටහන කෙටි ධාවනය සඳහා ද ක්‍රියාත්මක කිරීමටයි යෝජනා කර ඇත්තේ. මීට අමතරව කාර්යාල ඉලක්ක කර ගනිමින් නව දුම්රිය ගමන්වාර ඇරඹීමටත්, දුම්රිය මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමටත් තීරණය කර තිබෙනවා.