Saturday, May 18, 2024

General line - 0115112241

පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා වෙයි




ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම තවදුරටත් සීමා සහිතව සිදුවන බව නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණා. ඒ, රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රමාණය අඩුවීම හේතුවෙන්. සමාන්‍යයෙන් දිනකට ඩීසල් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 5,000 ක් පමණ බෙදා හැරියද මේ වන දිනවල එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 2,000 ක් දක්වා සීමා කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

එලෙස සිදුවන්නේ ඩීසල් සහ පෙට්‍රල් අවශ්‍ය පරිදි පිරවුම්හල්වලට නිකුත් කිරීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා පවා ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි ඉන්ධන බෙදා හැරීම සිදුවන්නේ නම් තවදුරටත් පෝලිම් පවතින්නේ මන්දැයි නෙත් නිවුස් සොයා බැලුවා. එහිදී හෙළි වුණේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන බෙදාහැරීම සිදුනොවන බවටයි.

මේ අතර ඩීසල් සහ පෙට්‍රල් ලබා ගැනීම සඳහා දිවයිනේ ඇතැම් ස්ථානවල අදත් දිගු පෝලිම් දක්නට ලැබුණා. අප වාර්තාකරුවන් පැවසුවේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති බවයි.