Thursday, May 9, 2024

General line - 0115112241

ලංවීම සභාපති කෝප් කමිටුවට කළ ප්‍රකාශයක් ජනපති ප්‍රතික්ෂේප කරයි




කෝප් කමිටුව හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු සිදුකළ ප්‍රකාශය තමන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේ දී අධිකාරීමය බලය භාවිත කළ බවට කළ ප්‍රකාශය තමා එලෙස ප්‍රතික්ෂේප කරන බවයි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ. 

අදානි සමාගමට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා අවසර ලබාදීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෝප් කමිටුව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. ඒ, ඔවුන් කොප් කමිටුව හමුවට කැදවූ අවස්ථාවේදියි. 

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ පාඨලී චම්පික රණවකද එක්වුණා.