Thursday, May 9, 2024

General line - 0115112241

බරපතළම අත්වැරැද්ද කර ඇමතිවරිය ගෙදර යයි




නියමිත සීමාව ඉක්මවා මත්පැන් පානය කර රිය පදවා පොලිසියට හසු වූ ස්වීඩනයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

අයිඩා හඩ්සියාලික් ස්වීඩනයේ ලාබාලම ඇමතිවරියද වුණා. 29 හැවිරිදි ඇය එරට අමාත්‍ය ධුරයකට පත් පළමු මුස්ලිම් කාන්තාවයි.

බීමත්ව රිය පදවා පොලිසියට හසුවීම ඇය විසින් හඳුන්වනු ලැබුවේ ‘සිය ජීවිතයේ සිදු වූ බරපතළම අත්වැරැද්ද’ ලෙසයි.

වයින් වීදුරු දෙකක් පානය කොට සිටි අයිඩා හඩ්සියාලික්ගේ මෝටර් රථය නවත්වනු ලැබ ඇත්තේ ඩෙන්මාර්කය සහ ස්වීඩනය යා කරන පාලමක් අසලදී.

එම අවස්ථාවේ ඇයගේ රුධිරයේ මද්‍යසාර මට්ටම ලීටරයකට ග්‍රෑම් 0.2 ලෙස සටහන් වී ඇති අතර ඒ සඳහා ඇයට මාස හයකට නොවැඩි සිර දඬුවමක් ලබා දීමේ හැකියාවක් පවතින බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.

_90776368_mediaitem90776367 _90776527_mediaitem90776522