සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ඇරයුම් කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 4 ක් අවසානයේ කඬුලු 9 ක් දැවී ලකුණු 220 ක් රැස්කර සිටියදී වර්ෂාව හේතුවෙන් තරඟය නතර කෙරුණා.
කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක් රැස්කර සිටියදී දැවී ගියා. ධනංජය සිල්වා සහ දසුන් ශානක ලකුණු 34 බැඟින් රැස් කළා. දුනිත් වෙල්ලාලගේ ලකුණු 20 ක් රැස් කළ අතර පැතුම් නිශ්ෂංක ලකුණු 14 ක් ලබා සිටියදී දැවී ගියා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දුෂ්මන්ත චමීර ලකුණු 07 ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 11 ක් රැස්කර සිටියා.
පන්දු යැවීමේදී පැට් කමින්ස් කඬුලු 04 ක් බිඳ හෙලූ අතර ග්ලේන් මැක්ස්වෙල් සහ මැතිව් පෝල් අතර කඬුලු 02 බැඟින් බෙදී ගියා. තරඟය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.