Friday, September 20, 2024

General line - 0115112241

අද පිටියට බසින වීරයා ධනංජය ‘චන්දිමාල්ටත්’ මතක හිටින පාඩමක් උගන්වයි



24 හැවිරිදි ධනංජය ද සිල්වා අද දවසේ ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ වීරයා බවට පත්ව සිටින්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔහු ලබාගත් ශතකයත් සමගයි.

දෙබරවැව මැදි විදුහලෙන්, කොළඹ මහානාම විදුහලෙන් සහ ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් අකුරු කළ ඔහු ඊයේ දිනයේ දිනේෂ් චන්දිමාල් සමග එක්ව ගොඩනැගූ නොබිඳුණු ඉණිම කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.

අනෝන්‍ය අවබෝධයෙන් ඉනිම ගොඩනැගූ මෙම දෙදෙනා අතර පිටිය මැද ඇතිවූ ක්‍රිකට් ගැටුමකින් දිනේෂ් චන්දිමාල්ගේ කණ්ඩායමකට ධනංජය ද සිල්වා මතක හිටින පාඩමක් ඉගැන්වූ අවස්ථාවක් පිළිබඳව මේ වනවිට සමාජ ජාල ඔස්සේ කතාබහ වෙමින් සිටිනවා.

දිනය මේ වසරේ පෙබරවාරි පස්වැනිදායි.

ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී රාත‍්‍රී තරගයක් ලෙස පැවති අන්තර් කළාප විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුලූ 8 ක ජයක් ලබාගත් ගන්නට කොළඹ කණ්ඩායම සමත් වුණේ එදිනයි.

දිනේෂ් චන්දිමාල් ගාල්ල කණ්ඩායමට නායකත්වය ලබාදුන් අතර ඔවුන් ලකුණු 143 කට සීමා කිරීමට කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වුණා.

ලකුණු 144 ක ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා පන්දු 32 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් ලකුණු 41 ක් රැස්කර ගැනීමට සමත් වූ අතර දෙවන කඩුල්ල සදහා පන්දු 65 කදී ලකුණු 94 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ශෙහාන් ජයසූරිය සමග ඔහු සමත් කම් දක්වනු ලැබුවා.

තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයාට හිමි සම්මානය ද චන්දිමාල්ගේ පිල පරදා ලබා ගත්තේ කොළඹ කණ්ඩායමේ ධනංජය ද සිල්වායි.
ධනංජය ද සිල්වා ඒ වන විට ටෙස්ට් වරම් ලබා නොසිටි අතර එම ජයග්‍රහණය ක්‍රීඩා විචාරකයන් හඳුන්වා දී තිබුණේ ධනංජය චන්දිමාල්ට ඉගැන්වූ මතක හිටින පාඩම ලෙසයි.

b