සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 03 වන එක්දින ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු නායක එරෝන් ෆින්ච් සමත්ව වුවා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු නායකයා තීරණය කරනු ලැබුවා.
අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදුකර තිබෙනවා. ඒ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබෙනවා.
මේ අතර ආබාධයකට ලක්වූ ඕස්ට්‍රේලියානු පිලේ ස්ටීව් ස්මිත් වෙනුවට මිච් මාෂ් කණ්ඩායමට කැඳවා තිබෙනවා.