Saturday, May 18, 2024

General line - 0115112241

මැදවච්චියේ ඉන්ධන පිරවුම්හල් අසල ගැටුම් ඇති කිරීමට තැත් කළ තිදෙනෙක් අත්අඩංගුවට

සජිත් ගයාන්




මැදවච්චියේ ඉන්ධනහල් අසල පෝලිම්වල සිටින පිරිස් ප්‍රකෝප ගැන්වීමට උත්සහ දරමින් කලහාකාරීව හැසුරුණු සැකකරුවන් තිදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඉන්ධන ලබා ගැනීම සදහා බොහෝ පිරවුම්හල් ඉදිරිපිට දින කිහිපයක සිට ජනතාව තවදුරටත් පෝලිම්වල රැදි සිටිනවා. එම පුද්ගලයින් ප්‍රකෝප ගැන්වීමට සැකකරුවන් උත්සාහ දරා ඇති බවයි පොලීසිය පැවසුවේ. 

ඉන්ධන පිරවුම්හල්වල ආරක්‍ෂාවට යෙදී සිටින ආරක්‍ෂක නිලධාරීන් සමග එම සැකකරුවන් ගැටුම් ඇති කර ගැනීමටද උත්සාහ දරා තිබෙනවා.