Saturday, May 18, 2024

General line - 0115112241

IMF නිලධාරීන් සහ අගමැතිවරයා අතර සාකච්ජා ඇරඹේ




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දස දෙනෙකු මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් මූලික අදියරේ සාකච්ඡාවක් පැවති බවයි වාර්තා වුණේ. 

මේ අතර මෙම සාකච්ඡාව සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට නියමිත වේලාවට පැමිණීමට නොහැකි වී තිබෙනවා. කොළඹ පැවති විරෝධතාවක් හේතුවෙන් ඔහු මිනිත්තු 30 ක පමණ කාලයක් ප්‍රමාදවි අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.