Saturday, May 18, 2024

General line - 0115112241

නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට තැත් කළ පිරිසක් යළි මෙරටට රැගෙන එයි

ටී කේ ජී කපිල




නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා. කාන්තාවක් ඇතුළු එම පිරිස විශේෂ ගුවන් යානයකින් අද දිවයිනට රැගෙනවිත් ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ. 

බහුදින ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටි එම පිරිස එරට වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් මගින් අත්අඩංගුවට ගෙන පසුව ක්‍රිස්මස් දූපතේ රඳවා සිටියා. 

එම පිරිස ඉකුත් මැයි මස 27 දින වෙන්නප්පුව කොස්වාඩිය ප්‍රදේශයෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. ඔවුන් මීගමුව, කොස්වාඩිය සහ මූතූර් ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 

කටුනායක ගුවන් තොටුපොලේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් එම පිරිස වැඩිදුර විමර්ශන  සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.