Saturday, May 18, 2024

General line - 0115112241

ජනපති සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද සවස




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 5ට ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ. 

පස්වරු 4ට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව එම හමුව සිදුවනු ඇති. ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ගැටළු සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වනු ඇති බවයි වාර්තා වුණේ. 

21 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි. 

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ 73 වන ඡන්ම දිනයද අදට යෙදී තිබෙනවා.