Saturday, May 18, 2024

General line - 0115112241

ඉන්ධන හිගය හේතුවෙන් රටපුරා රථ වාහන ධාවනයේ අඩුවක් - පාසල්වලට සිසුන්ගේ පැමිණීමත් අවම මට්ටමක

කාංචන කුමාර / ටී කේ මහින්ද / හේරත් ඒකනායක / මාධව කුලසූරිය




පවතින ඉන්ධන හිගය හේතුවෙන් දිවයිනේ බෝහෝ ප්‍රදේශයන්හි මාර්ගවල රථ වාහන ධාවනයේ අඩුවක් දක්නට ලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. පාසල් වෙත සිසුන්ගේ පැමිණීමේද අඩුවක් පැවති බවයි වාර්තා වන්නේ. 

මේ අතර ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව තවදුරටත් දිගු පෝලිම් ද පවතිනවා. ඉන්ධන ලබාදෙන ලෙස බල කරමින් දඹුල්ල රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවක නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවේ.

මාතර සහ අවට ප්‍රදේශවල විවෘතව පවතින පාසල්වලට ද අද දිනයේ සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවා.

මහනුවර සහ අවට ප්‍රදේශවල තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායකගෙන්.

උතුරු පළාතේද ඉන්ධ පිරවුම්හල් ආශ්‍රිතව තවදුරටත් දිගු පෝලිම් පවතින බව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවා.