ශ්රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරඟාවලිය සඳහා නම් කළ පාකිස්තාන සංචිතයට සුපිරි දඟ පන්දුයවන ක්රීඩක යෂීර් සාහ් යළි කැඳවා තිබෙනවා. ඒ, වසරකට අධික කාලයකට පසුවයි.
යෂීර් සාහ් යනු තරඟ 46කදී කඬුලු 235 ක් බිඳ හෙලමින් පාකිස්තානයට තරඟ රැසක ජය හිමිකරදීමට ඉවහල්වූ ක්රීඩකයෙක්. 2015 වසරේ පාකිස්තාන කණ්ඩායම ශ්රී ලංකාවේදී සිදුකළ සංචාරයේදී ඔහු කඬුලු 24 ක් බිද හෙලමින් 02 ට 01 ක් ලෙස තරඟාවලි ජයක් පාකිස්තානයට අත්කර දීමට දායක වුණා.
ශ්රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය ඊයේ නම් කෙරුණා. ඊට ක්රීඩකයින් 18 ක් ඇතුලත්. දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ජූලි 16 වනදා ගාල්ලේදී පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් තරඟය ජූලි 24 වනදා කොළඹදී පැවැත්වෙනවා. මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ ලෝක ටෙස්ට් ක්රිකට් ශූරතා තරඟාවලිය යටතේයි.