Friday, September 20, 2024

General line - 0115112241

උසේන් බෝල්ට් මීටර් 100 පරාදයි – බ‍්‍රසීල අනාවැකිකාරිනියගේ ප්‍රබල අනාවැකිය මෙන්න



කාගේත් අවධානය දිනා ගත් ජැමෙයිකානු සුපිරි කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ සහභාගි වූ මීටර් 100 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය ඊයේ රාති‍්‍රයේ දී ජයග‍්‍රහණය කළා.

කෙසේ නමුත් උසේන් බෝල්ට් දෙස වැඩි අවධානයක් යොමුව තිබුණත් මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ඔහු පරාජයට පත්වන බව බ‍්‍රසීල අනාවැකිකාරියක් මේ වන විට අනාවැකියක් පළ කරමින් සඳහන් කර ඇති බව වාර්තා වනවා.

ඇය පවසන්නේ ඇමෙරිකානු කෙටිදුර ධාවන ශූර ජස්ටින් ගැට්ලින් මෙවර මීටර් 100 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නා බවයි.

උසේන් බෝල්ට් පරදින බව කියන අනාවැකිකාරිනිය කියන ලද අනාවැකි බොහොමයක් සත්‍යවී ඇති බව බ‍්‍රසීල මාධ්‍ය පවසනවා.

උසේන් බෝල්ට්ට මෙවර වැඩි අභියෝගයක් එල්ල වී ඇත්තේ ද අනාවැකිකාරිනිය පවසන අමෙරිකානු ධාවන ශුර ජස්ටින් ගැට්ලින්ගෙන්මයි.

ඊයේ පැවැති මූලික වටයේ තරගයේදී ජස්ටින් ගැට්ලින් තත්පර 10.01ක දක්ෂතාවක් වාර්තා කරමින් මූලික වටයේ වේගවත්ම කී‍්‍රඩකයාට බවට පත්වුණා.

මූලික වටයේ අවසන් කාල ගණනය කිරීම්වලට අනුව උසේන් බෝල්ට්ට හිමිවූයේ සිවුවැනි ස්ථානයයි.

RIOEC8D18A6Z9_768x432