Saturday, May 4, 2024

General line - 0115112241

ජෝර්දාන් වරයක සිදුවූ ඛේදවාචකය




‪දකුණු ජෝර්දානයේ අකාබා වරායේ දී විෂ රසායනික අඩංගු බවට සැක කෙරෙන ටැංකියක සිදුවූ කාන්දුවිමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 251ක් දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.‬

‪දොඹකරයක් ආධාරයෙන් නෞකාවකට පටවමින් තිබු රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකියක් මෙලෙස හදිසියේ කාන්දුවිමකට ලක්ව ඇති බවයි මේ වන විට ලැබී ඇති මුලික විමර්ෂණ වලින් හෙළිවී ඇත්තේ.‬

‪මෙම ටැංකිවල තිබු රසායනික ද්‍රව්‍ය කුමක්ද යන්න මේ දක්වා ජෝර්දාන් බලධාරීන් විසින් හෙළිකර නොමැති අතර, සිදුවීම වාර්තා වූ ස්ථානයට ආසන්නයේ පිහිටි ප්‍රදේශවල ජනතාවට දොර ජනෙල් හොඳින් වසා නිවෙස් තුළට වී සිටින ලෙස දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.‬