Friday, May 3, 2024

General line - 0115112241

විපක්ෂ නායක සහ හිටපු ජනපති මෛත්‍රී අතර විශේෂ හමුවක්




විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද සිදු වුණා. ඒ, කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සහ සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

බරපතල ලෙස කඩා වැටී ඇති දේශය ගොඩ නැගීම උදෙසා වූ ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන, නැමැති වැඩසටහන යටතේ මෙම හමුව සිදු වූ බවයි සමඟි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ. 

මෙම හමුවට සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඇතුලු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව තිබෙනවා. ඊට අමතරව සී වී විග්නේෂ්වරන්, පී දිගම්බරම් ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් කිහිපදෙනෙක් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි සමඟි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.