Friday, May 3, 2024

General line - 0115112241

බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ හුවමාරුවන ලිපියක් ගැන පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් හෙලිදරව්වක්




ඉදිරියේදී රට තුළ බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම හෝ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වීම සම්බන්ධයෙන් වන ලිපියක් පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විසින් මෙම ලිපිය නිකුත් කළ ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. 

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විසින් නිකුත් කළ ඇතැයි සඳහන් එම ලිපිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද අද අදහස් පල කළා. ඊට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ රජයට එරෙහිව ඉදිරියේ ක්‍රියාත්මක වීමට නියමිත විරෝධතා නැවැත්වීමේ අරමුණින් මෙවැනි ප්‍රචාර සිදු කරනු ඇති බවයි.