Saturday, May 4, 2024

General line - 0115112241

ලිට්‍රෝ සමාගම අද කෝප් කමිටුව හමුවට




පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද රැස් වනවා. 

ඒ අනුව ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතනවල නිලධාරීන් අද කෝප් කමිටු හමුවට කැඳවා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ. 

රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට අද කැඳවා ඇත්තේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්වයි. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් හෙට දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළා.