Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්ධන පිරවුම්හලේ සිදුවීමට අදාළ නිලධාරියා ගැන යුද හමුදාවෙන් ගත් පියවර




කුරුණෑගල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක දී තරුණයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයා ඔහුගේ සියලු රාජකාරී වලින් නිදහස් කිරිමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ නියෝග කර තිබෙනවා.

 අදාළ යුද හමුදා නිලධාරියා සම්බන්ධයෙන් සහ එම සිදුවීමට අදාලව විමර්ශනය සිදුකිරීම සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් යුද හමුදාපතිවරයාගේ නියෝග මත පත්කර ඇති අතර, එම විමර්ශන අවසන් වන තෙක් අදාළ නිලධාරියා ඔහුගේ රාජකාරි වලින් නිදහස් කිරිමට පියවර ගෙන ඇත.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදා පොලිසිය ද වෙනම විමර්ශනයක් සිදුකරන බවයි යුද හමුදාව නිවේදනය කර සිටියේ.