Friday, May 3, 2024

General line - 0115112241

22 ට පෙර පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීමට අද මුදල් ගෙවයි




එළඹෙන 22 වනදාට පෙර පෙට්‍රල් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව එළඹෙන 13 වනදා වනවිට පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සැපයුම්කරුවෙකු ඉදිරිපත්ව සිටින බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. 

පවතින ඉන්ධන හිගය සැලකිල්ලට ගෙන වැඩි මිලකට වුවද එම පෙට්‍රල්  තොගය රැගත් නෞකාව ගෙන්වා ගැනීමට අවශ්‍ය පෙර ගෙවීම් අද දිනයේ සිදුකරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.