Friday, May 3, 2024

General line - 0115112241

රටට අවශ්‍ය ඉන්ධන, ගෑස් ලබාගැනීමට රටවල් කිහිපයක් සමග සාකච්ජා ආරම්භ කළා - මන්ත්‍රී විමල් විරවංශ




පවතින ආර්ථික අර්බුදය හමුවේත් ආණ්ඩුවේ ඇතැමුන් පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාකරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ස්වාධීන පක්ෂ එකමුතුව අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

මෙරටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, පොහොර සහ ගල්අගුරු ලබාගැනීම සඳහා සිය කණ්ඩායම රජයන් කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.