Friday, May 3, 2024

General line - 0115112241

මෙරට යාචක මානසිකත්වය වර්ධනය වෙමින් ඇති බව සමාජ විද්‍යාඥයෙකු කියයි




පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ජනතාවගෙන් හතරෙන් තුනක් දුගී බවට පත්ව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක පවසනවා. එම තත්ත්වය හේතුවෙන් තමන්ගේ සැබෑ සතුරා පවා හඳුනාගත නොහැකි තත්ත්වයට ජනතාව පත්වෙමින් සිටින බවයි ඇය පෙන්වා දුන්නේ. 

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් සමාජයේ යාචක මානසිකත්වය වර්ධනය වෙමින් පවතින බව ද ජේ්‍යෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක වැඩිදුරටත් පෙන්වා දුන්නා.