Friday, May 3, 2024

General line - 0115112241

ඉන්ධන අක්‍රමිකතා වැලැක්වීමට තඹුත්තේගම තරුණයෙක්ගෙන් ඇප් එකක්




පිරවුම්හල්වලින් නිසි ක්‍රමවේදයක් යටතේ ඉන්ධන නිකුත් කිරීමට තමන් විසින් නිර්මාණය කළ ජංගම යෙදුම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බලධාරීන් කඩිනමින් අවස්ථාව ලබාදෙනු ඇතැයි තමන් අපේක්ෂාවෙන් සිටින බව තඹුත්තේගම පදිංචි රවිඳු දිල්ශාන් ඉලංගකෝන් පවසනවා. 

තමන් විසින් නිර්මාණය කළ ජංගම දුරකථන යෙදුම සාර්ථක කර ගැනීමට නම් එය දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

සිය ජංගම යෙදුම ක්‍රියාත්මක කිරීමෙන් ඉන්ධන ලබාගැනීමේදී සිදුවන අක්‍රමිකතා වැළැක්විය හැකි බවයි රවිඳු දිල්ශාන් ඉලංගකෝන් වැඩිදුරටත් සඳහන් කළේ.