Friday, May 10, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් නව කොවිඩ් අනු ප්‍රභේදයක් හඳුනා ගැනේ : ලෝක සෞඛ්‍ය සංවිධනය දැඩි අවදානයෙන්




විකෘති කිහිපයක් සහිත කොවිඩ් වෛරසයේ නව අනු ප්‍රභේදයක් ඉන්දියාව ඇතුළු රටවල් 10 කින් හඳුනා ගැනීමට හැකිවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටිනවා.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් ලෙස සැලෙකන BA.2.75 ලෙස හැඳින්වෙන මෙම අනු ප්‍රභේදය ස්පයික් ප්‍රෝටීන වලින් යුක්ත වන බවත් එහි විකෘති තාවයන් කිහිපයක් පෙන්නුම් කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් සඳහන් කර සිටින්නේ.

මේ හේතුවෙන් වෛරසයට මිනිස් ශ්වසන පද්ධතියේ වැඩි කාලයක් ඇලි සිටීමේ හැකියාව පවතින බවද ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මේ වන විට ඉන්දියාවේ සිව්වන කොවිඩ් රැල්ලක ආරම්භය පෙන්නුම් කර ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඊයේ දිනයේදී එරටින් හඳුනා ගැනුණු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21,075ක් බවයි සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන්නේ.

මේ අතර නව කොවිඩ් ප්‍රභේදය ගැන විමර්ශන සිදුකිරීම සඳහා අවශ්‍ය ජාන විශ්ලේෂණ පටල උපයෝගී කර ගනිමින් සිදුකරන බවද ඇය සිය ට්විටර් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

නව වෛරස අනු ප්‍රභේදය ගැන වැඩිදුරටත් විමර්ශනය සිදුකළ යුතු බවත් මෙමගින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ හැකියාව අභිබවා යාමේ හෝ බරපතල රෝගී තත්ත්වයන් ඇති කිරීමට හැකියාවක් ඇත්ද යන්න ගැන සොයා බැලිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් Terri’s Adhanom Ghebreyesus සඳහන් කළේ ගතවූ සති දෙකක කාලය තුලදී ගෝලීය කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සීයයට 30 කින් වර්ධනය වී ඇති බවයි.