Tuesday, May 7, 2024

General line - 0115112241

හිටපු ජනපති මෛත්‍රී සහ පාඨලී අතර හමුවක්




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. 

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු එම සාකච්ඡාව සඳහා දයාසිරි ජයසේකර, රංජිත් සියඹලාපිටිය හා ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගී වී තිබෙනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවකගේ පාර්ශවය වෙනුවෙන් කරුණාරත්න පරණවිතාන සහ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු පිරිසක් එම හමුව සඳහා සහභාගී වුණා.