Tuesday, May 7, 2024

General line - 0115112241

රට පුරා සියලු පෞද්ගලික ඖෂධ හල් හෙට දිනයේ වසා තැබේ




පවතින ඉන්ධන අර්බුදය හා ආර්ථික තත්ත්වය හේතුවෙන් මේ වන විටත් ක්ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. පෞද්ගලික ඖෂධ හල් හිමියන් පවසන්නේ හෙට දිනයේ රට පුරා සියලු පෞද්ගලික ඖෂධ හල් වසා තබන බවයි. මේ සමස්ථ ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගංකන්ද. 

මේ අතර 2023 වර්ෂය සඳහා පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය ද දීර්ඝ කර තිබෙනවා. ඒ, රටෙහි පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්. 2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතු අවසාන දිනය දීර්ඝ කර දෙන මෙන් මාපියන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව, අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය අගෝස්තු පළමුවනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. 

මේ අතර විදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පෙර මුද්‍රිත බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේද ත්‍රිත්වයක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙනවා. ඒ අනුව,තාප කඩදාසි භාවිතයෙන් මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම, කෙටි පණිවිඩ් හා ජංගම දුරකථන යෙදවුම හරහා ඉදිරියේදී මාසික විදුලි බිල්පත් නිකුත් කරනු ඇති.