Tuesday, May 7, 2024

General line - 0115112241

හෙට අරගලයට අද සිට පාගමනින් පිරිස් පැමිණෙයි




හෙට දිනයේ පැවැත්වෙන විරෝධතාවට සහභාගී වන පිරිස් අද දිනයේ සිට පා ගමනින් කොළඹට පැමිණෙන අයුරු දැක ගත හැකි වුණා. ඔවුන් සටන් පාඨ කියමින් විරෝධතා පුවරුද රැගෙන එළෙස පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාකරුවන්ට කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි මාර්ග කිහිපයකට අද සහ හෙට ඇතුළුවීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලිසිය කල ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. 

ඒ, දෙපාර්ශයේම කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින්. කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් පිරිසක් පාගමනින් විහාර මහා දේවී උද්‍යානයේ සිට මරදාන ටෙක්නිකල් හන්දිය හරහා ජනාධිපති මන්දිරය වෙත පිවිසීමට අද සහ හෙට දිනවල සූදානම් වන බවයි. 

මේ අතර හෙට දිනයේ පැවැත්වෙන විරෝධතාවයට දේශපාලන පක්ෂ රැසක්කම සහය පල කර තිබෙනවා. මේ සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර.

මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අද පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක.

මේ අතර ප්‍රචන්ඩත්වය පිළිතුරක් නොවන බවත් විරෝධතාවයෙහි නිරත වන්නේ නම් සාමකාමීව එය සිදු කරන ලෙසත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චන්ග් ට්විටර් පණිවිඩයක් තබමින් පවසනවා. ඇය කියා සිටියේ සාමාකාමී විරෝධතා කරුවන්ට එය සිදු කිරීමට ආරක්ෂක අංශ ඉඩ ලබාදිය යුතුල බවයි. ව්‍යාකූලත්වය හා බලය යෙදීමෙන් රට තුළ ආර්ථිකමය හා දේශපාලනමය ස්ථාවරත්වයක් ඇති නොවන බවද ඇය පවසනවා. 

මේ අතර රට ශිෂ්ට සම්පන්න පාලනයක් සඳහා පරිවර්තනය කිරීමේ අරමුණින් මහා සංඝරත්නය මහනුවරදී සෙංකඩගල ප්‍රකාශයට අද අත්සන් තැබුවා. සෙංකඩගල ප්‍රකාශයේ දැක්වෙන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා කොන්දේසි විරහිතව වහාම විධායක ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.