Thursday, May 16, 2024

General line - 0115112241

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ පිවිසුම් අසලට




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට ඉවත් වෙන ලෙස බල කරමින් මේ වන විට දැවැන්ත විරෝධතාවයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මේවන විට එම විරෝධතාකරුවන් කොළඹ, කොටුවේ ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අභියසට පැමිණ තිබෙනවා. ඒ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් යොදා තිබු මාර්ග බාධක ගණනාවක් ඉවත් කරමින්.

මේ වන විටත් ගාලු මුවදොර අරගල භුමිය දෙසට දැවැන්ත ජනතාවක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.