Thursday, May 16, 2024

General line - 0115112241

ජනපති මැදුරෙන් හමුවූ මුදල්




කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ කාමරයක තිබු අල්මාරියක් තුල තිබී රුපියල් මිලියන 17කට ආසන්න මුදල් හමුවී ඇති බව දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

ඊයේ දිනයේදී ජනාධිපති මන්දිරයට ඇතුල්වූ අරගලකරුවන් පිරිසකට එහි තිබී මෙම මුදල් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස හමුවූ මුදල් එම අරගලකරුවන් විසින් ගණන් කොට ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව භාරව සිටි නිලධාරියෙකු අතට භාර කොට ඇති බවද සඳහන් වනවා. මෙලෙස හමුවූ මුදල් නිසි පරිදි ගණන් කොට අදාළ වගකිව යුතු අංශ වෙත භාරදීමට ක්‍රියා කිරීම සැබවින්ම අගය කළ යුතු කරුණක් බවයි එම වීඩියෝවේ අදහස් පලකරමන් බොහෝ දෙනා ප්‍රකාශ කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප පොලිසියේ උසස් නිලධාරියෙකු ගෙන් විමසු අතර ඔහු සඳහන් කලේ එලෙස මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවට ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් තහවුරු කර ඇති බවයි.

එසේ වුවද එම මුදල් ප්‍රමාණයේ නිසි තොරතුරු හා එම මුදල් කුමන කරුණක් උදෙසා එහි තබා තිබුනේද යන්න ගැන කරුණු විමසා බලා නිල ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කරනු ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කර සිටියා.