Thursday, May 16, 2024

General line - 0115112241

ආර්ථික ස්ථාවරය ලගා කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි ඇමරිකාව මෙරටට කියයි




ආර්ථීක ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අමෙරිකාව මෙරට නායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
 
අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීලගට පත්වන ඕනෑම නව රජයක් දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයක් අත්කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම නව රජයක් මගින් ශ්‍රී ලාංකික ජනතාවගේ ගැටළුවලට විසඳුම් ගෙන ආ යුතු බවයි අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත්තේ.