අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් විරෝධතාවයේ යෙදුණු විරෝධතාකරුවන් කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුල්වී තිබෙනවා.
මේ වන විට විරෝධතාකරුවන් එම කාර්යාලය තුල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ තුවාල ලැබූ පුද්ගලයින් 24 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.